Similar Posts
රට ගොඩ ගැනීමට අසමත් වූ අගමැතිගේ අස්වීමේ තීරණයේ වෙනසක් නෑ
ආර්ථික අර්බුදයෙන් බිඳවැටුණු ඉතාලිය ගොඩ ගැනීමට අසමත් වූ එරට අගමැති මාරියෝ ඩ්රැගීගේ සන්ධාන රජය බිඳවැටීමෙන් ඉතාලියේ දේශපාලන අර්බුදයක් ද මතු වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. උද්ධමනය ඉහළ යෑම හේතුවෙන් එරට ජනතාව දැඩි ලෙස පීඩා විඳින අතර, රජයේ බිඳවැටීමෙන් තත්ත්වය වඩාත් බරපතළ වී ඇත. මේ කරුණු මත ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කරමින් අගමැතිවරයා විසින් දෙනු…
නයිජර් රාජ්‍යයේ වැසියන් 137ක් ඝාතනය කරයි
නයිජර් රාජ්‍යයේ නිරතදිග ප්‍රදේශයේ මාලි දේශසීමාවේ පිහිටි ගම්මාන කිහිපයකට එල්ල වූ ප්‍රහාරවලින් පුද්ගලයින් 137 දෙනෙකු මිය ගොස් තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, යතුරුපැදිවලින් පැමිණි ආයුධ සන්නද්ධ ,තුවක්කුකරුවන් පිරිසක් මෙම වෙඩි ප්‍රහාර එල්ල කර ඇති බවයි. එරට රජය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කළේ, වසර ගණනාවක් තුළ නයිජර් රාජ්‍යට එළ්ල වූ දරුණුතම ප්‍රහාරය මෙය බවයි.
B.1.525 තවත් වෛරස ප්‍රභේදයක් හමුවේ
කොවිඩ් වෛරස විකෘතියක් වියහැකි තවත් වෛරස ප්‍රභේදයක් එක්සත් රාජධානියෙන් හඳුනාගත් බව එඩින්බ්රරෝ විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයන් පවසයි. B.1.525 යනුවෙන් නම්කර ඇති එම වෛරස ප්‍රභේදය බොහෝ දුරට දකුණු අප්‍රිකානු වෛරස ප්‍රභේදයට සමානකම් දක්වන බව සඳහන් වේ. එම නව ප්‍රභේදය එන්නත්වල ඵලදායිත්වය අඩුකිරීමටත් හේතුවනු ඇති බව එක්සත් රාජධානියේ සෞඛ්‍ය බලධාරීන් පවසයි.
13 හැවිරිදි ගැහැණු ළමයෙකු දූෂණය කිරීමෙන් අනතුරුව ඝාතනය කරයි
දූෂණය කිරීමෙන් අනතුරුව අධික ලෙස වද හිංසාවට ලක්කර 13 හැවිරිදි ගැහැණු ළමයෙකු ව ඝාතනය කිරීමේ සිද්ධියක් ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයෙන් වාර්තා වෙයි. වැසිකිළිය ට ගිය සිය දියණිය ප්‍රමාද බැවින් ඒ ගැන සොයා බලන විට දෙමව්පියන්ට ඇයගේ සිරුර හමු වී තිබේ. දූෂණය කිරීමෙන් අනතුරුව ගෙල සිරකර ඇය ව ඝාතනය කර ඇති බව පශ්චාත් මරණ පරීක්ෂණයෙන් හෙළිවී…
ස්පාඤ්ඤය තුළ යළිත් වරක් කොරෝනා ව්‍යාප්ත වන තත්ත්වයක්
ගත වූ පැය 24 ක කාලය තුළ පමණක් අලූතින් ආසාදිතයින් 1,226 දෙනෙකු වාර්තාවීමත් සමග ස්පාඤ්ඤය තුළ යළිත් වරක් කොරෝනා වෛරසය ව්‍යාප්ත වන තත්ත්වයක් මතුව තිබෙනවා. ඉන් 894 දෙනෙකුම වාර්තා වන්නේ බාසිලෝනා ප්‍රදේශයෙන්. බාසිලෝනා වැසියන්ට නියෝග කර ඇත්තේ දින 15 ක් යන තුරු නිවෙස්වලින් බැහැර නොයන ලෙසටයි. ඉදිරි සති දෙකකට අධික කාලය තුළ බාසිලෝනා වැසියන් ලක්ෂ…
චීනයේ කොවිඩ් නයින්ටීන් වෛරසයේ නව ව්‍යාප්තියක්
චීනයේ ෂින්ජියැන්ග් ප්‍රදේශයෙන් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 7 දෙනෙකු හඳුනාගෙන තිබේ. එම ආසාදිතයින් සියලුදෙනා චීන ජාතිකයින් වන අතර ඔවුන්ට රට තුළින්ම වෛරසය ආසාදනය වී ඇති බව එරට සෞඛ්‍ය අංශ පවසති. ඒ අනුව, නැවත වරක් චීනය තුළ කොවිඩ් නයින්ටීන් වෛරසයේ නව ව්‍යාප්තියක් හටගෙන ඇති බවට සැක පළ කෙරෙන බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙති