දළ වශයෙන් මීටරයක ප්‍රමාණයේ ග්‍රහකයක් අද රාත්‍රීයේදී පෘථිවිය සමඟ ගැටීමට පැමිණෙන බව මීට පැය කිහිපයකට පෙර Arizona හි Mount Lemmon නිරීක්ෂණාගාරයට වාර්තා වී තිබෙනවා. එය නම් කර තිබෙන්නෙ CAQTDL2 ලෙසින්.
දැනට සිදුකල ඇති ගණනය කිරීම් වලට අනුව එය අද දින (4) ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 10.09ට පමණ පෘථිවි වායුගෝලයට ඇතුළු වීමට නියමිතයි. එය වායුගෝලයට ඇතුළු වන්නේ පිලිපීනයේ Luzon දූපත් අවට ප්‍රදේශයට ඉහළිනුයි. කොහොමනමුත් පර්‍යේෂකයින් පවසන්නේ එය බොහෝදුරට පෘථිවි වායුගෝලය තුළදී සම්පූර්ණයෙන් දහනය වී අවසන් විය හැකි බවයි. යම් හෙයකින් කුඩා කැබලි ඉතිරි වුවහොත් ඒවා වැටීමට වැඩි සම්භාවිතාවක් පවතින්නේ Luzon දූපත් වලට නැගෙනහිර දෙසින් ඇති සාගරයටයි.
මේ සිදුවීම ශ්‍රී ලාංකික අපට නිරීක්ෂණය කරන්න ලැබෙන්නෙ නැහැ. කොහොමනමුත් පිළිපීනයේ සහ අවට දූපත් වල වෙසෙන ජනතාවය එය ඉතා දීප්තිමත්ව වායුගෝලය තුළ දහනය වන ආකාරය දැකගන්න පුලුවන් වෙයි. ඇතැම් විට ඒ දීප්තිය චන්ද්‍රයාගේ දීප්තියටත් වඩා ඉහළ යන්න පුලුවන්.

Similar Posts