වැල්ලම්පිටිය මංසන්ධියේ සිට කොලොන්නාව මංසන්ධිය දක්වා මාර්ගය අද (04) සහ හෙට (05) දිනවල වසා තැබීමට නියමිත බව පොලීසිය පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ එම මාර්ගයේ ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ අධීක්ෂණය යටතේ පුද්ගලික ආයතනයක් මගින් භූගත ජලනල පද්ධතියක් එලීමට නියමිත බවයි.
ඒ අනුව අද (04) පෙරවරු 9.00 සිට හෙට (05) මධ්‍යහන 12.00 දක්වා වැල්ලම්පිටිය මංසන්ධියේ සිට කොලොන්නාව මංසන්ධිය දක්වා මාර්ගය වසා තැබෙනු ඇත.
මේ හේතුවෙන් හැකිතාක් විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලිසිය රියැදුරන්ගෙන් සහ මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
කොළඹ 1 සිට 4 දක්වා, කොළඹ 7 සිට 11 දක්වා, කඩුවෙල නගරය සහ අවට, කොලොන්නාව නගර සභා බල ප්‍රදේශය, වැල්ලම්පිටිය සහ කොටිකාවත්ත යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන බවත් මාලිගාකන්ද ජලාශයට ජලය සැපයන සම්ප්‍රේෂණ ජල නළ පද්ධතියේ අත්‍යවශ්‍ය වැඩිදියුණු කිරීමක් හේතුවෙන් අද(4) පස්වරු 2.00 සිට හෙට (5) පස්වරු 2.00 දක්වා ජල සැපයුම අත්හිටුවන බවත් ජල සම්පාදන මණ්ඩලය වැඩි දුරටත් සඳහන් කරයි.