කාසල්රි ජලාශයට ජලය සැපයෙන කෙහෙල් ගමු ඔය විනාශ කරමින් අනවසරයෙන් මැණික් ගැරිම්වල යෙදි සිටි පුද්ගලයන් තිදෙනකු බගවන්තලාව පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන ඇත.
මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු බගවන්තලාව පොලිසියේ නිලධාරියකු පවසන ලද්දේ කෙසල්ගමු ඔය රක්ෂිය හා එහි පරිසරය විනාශ කරමින් අවනසර මැණික් ගැරිවල පිරිසක් යෙදි සිටින බවට ලද තොරතුරක් මත කරන ලද වැටලිමකදි එසේ බලපත්රයක් නොමැතිව අනවසරයෙන් මැණික් ගරමින් සිටි පුද්ගලයන් තිදෙනකු සැකපිට අත් අඩංගුවට ගත් බවත්ය.
මෙසේ අත් අඩංගුවට ගන්නා ලද සැකකරුවන් බගවන්තලාව ප්රදේශයේම පදිංචඤිකරුවන් බවත් මෙම සැකකරුවන් හැටන් දිසා හා මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට පියවර ගන්නා බවද එම නිලධාරියා වැඩි දුරටත් පවසන ලදි.
මනුර සුදත් සෙල්ලහේවා – හැටන්