weather today at my location
ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පැවති අඩු පීඩන තත්ත්වය අද දින තුළදී සිදු කුණාටුවක් දක්වා වර්ධනය වෙමින් මීළඟ පැය 24 තුළ චණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වනු ඇතැයි බලාපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
රතු නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ මෙම පද්ධතිය හේතුවෙන් දිවයින වටා ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල ගිගුරුම් සහිත වැසි ඇති ඇතිවිය හැකි බවත් ක්ෂණිකව සුළගේ වේගය ඉහළ යා හැකි බවත්ය.

දිවයින පුරා ‍සුළඟේ වේගය විටින් විට පැයට කිලෝ මීටර 50-60 ත් අතර වෙයි.

පුත්තලම සිට ගාල්ල හා හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝ මීටර 60-70 ත් අතර වෙයි.

මන්නාරම සිට කොළඹ, ගාල්ල හා හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන වෙරළ ආසන්න මුහුදු ප්‍රදේශවල මුහුදු එළ මීටර 2 ක් පමණ ය ඉහළ යා හැකියි.

මුහුදු රළ ‍ගොඩබිමට පැමිණිය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව රතු නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

බස්නාහිර, සබරගමුව, දකුණ හා මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර 150 ට වැඩි තද වැසි ඇති විය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.

More Stories