අයහපත් කාලගුණය හේතුවෙන් මේ වන විට පවුල් 142,624ක පුද්ගලයින් 479,871ක් අවතැන් වී සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.

එමෙන්ම ආපදාවෙන් මේ වන විට පුද්ගලයින් 17 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, තවත් පුද්ගලයින් 20 දෙනෙකු තුවාල ලබා තිබේ.

නිවාස 103 ක් සම්පූර්ණයෙන් හානි සිදුව ඇති අතර තවත් නිවාස 2,635 ක් අර්ධ හානි වී ඇති බව සඳහන්.

අයහපත් කාලගුණය හේතුවෙන් විපතට පත් ධීවර ජනතාවට සහනයක් ලබාදීමට කටයුතු කරන බව නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා පවසයි.

ආපදාවට ලක්වු ගොවි බිම් ප්‍රමාණය කොතෙක් ද යන්න හඳුනාගැනීමටත් අවතැන් වුවන්ට සහන සැලසීමටත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා උපදෙස් ලබාදී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී සුසන්ත කුමාර නවරත්න මහතා පවසයි.

අනුරාධපුරයේ දී ඒ මහතා මේ බව කියා සිටියි.

More Stories