lionbear

නිරෝධාන ඇදිරි නිති කාලය තුලදි වතු කම්කරුවන් සදහා අධික මිලකට අලෙවි කිරිමට රැගෙන යමින් තිබු අරක්කු හා බියර් තොගයක් සමග සැකකරුවන් පස් දෙනකු බගවන්තලාව පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන ඇත.

මෙ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු බගවන්තලාව පොලිසියේ නිලධාරියකු පවසන ලද්දේ  කොවිඩ් ව්‍යාප්තිය මර්ධනය කිරිම සදහා නිරෝධාන ඇදිරි නිතිය ක්‍රියාත්මක කරන බවට දැනුම් දිමත් සමග බගවන්තලාව ප්‍රදේශයේ වතු කම්කරුවන් සදහා අධික මිලකට අලෙවි කිරිම සදහා අරක්කු රැගෙන යන බවට බුද්ධි නිලධාරින්ට ලැබුන තොරතුරක් මත කරන ලද රථ වාහන පරික්ෂාවකදි මෙම අරක්කු බියර් සමග පුද්ගලයන් 05 දෙනකු අත් අඩංගුවට ගත් බවත්ය.

මෙම රථ වාහන පරික්ෂාවේදි නිසි බලපත්‍රයක් නොමැතිව රජයේ අනුමත අරක්කු බෝතල 124ක් බියර් කැන් 48 රැගෙන යමින් සිටි පුද්ගලයන් පස් දෙනකු සැකපිට අත් අඩංගුවට ගත් බවත් මෙම සැකකරුවන් හැටන් දිසා හා මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට පියවර ගන්නා බවත් එම නිලධාරියා තව දුරටත් පවසන ලදි.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Similar Posts