police
පැමිණිල්ලක වගඋත්තරකරුවකු ගෙන් රුපියල් 10,000 ක අල්ලස් මුදලක් පොලීසිය ඉදිරිපිට කම්බි වැට තුළින්  ලබා ගත් වැලිවේරිය  පොලිසියේ සුළු පැමිණිලි අංශයේ ස්ථානාධිපති වරයා ලෙස කටයුතු කළ ප්‍රධාන  පොලිස් පරීක්ෂකවරයෙකු  අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කියයි .
වැලිවේරිය නැදුන්ගමුව ප්‍රදේශයේ පුද්ගලයකු ලීසිං  සමාගමකින් ලබාගත්  ලොරි රථයකට නිසි පරිදි වාරික ගෙවා ගැනීමට නොහැකි වී තිබූ බව පොලිසිය කියයි .
ඒ හේතුවෙන්   එම ලොරි රථය ලබාගැනීමේදී ඊට ඇප වශයෙන්  අත්සන්  කළ වැලිවේරිය හෙලන් වත්ත ප්‍රදේශයේ පදිංචි    පුද්ගලයා  එම ලොරි  රථය රැගෙන ගොස් තිබූ බව පොලිස් නිළධාරියෙකු පැවසීය .
ඒ සම්බන්ධයෙන් නැදුම්ගමුව  පුද්ගලයා හෙලන් වත්ත ප්‍රදේශයේ පුද්ගලයාට විරුද්දව  සිදුකරන ලද පැමිණිල්ලක් සමථයකට පත්කර  දෙන බව පවසා රුපියල් 15,000ක මුදලක් සැකකාර ස්ථානාධිපතිවරයා විසින් ඉල්ලා එම මුදලින් රුපියල් 10,000 ක මුදලක් පොලිසිය ඉදිරිපිට දකුණු පස කම්බි වැට තුළින් ලබාගෙන  සුළු පැමිණිලි අංශයට පැමිණෙමින් සිටියදී  අල්ලස් හෝ දූෂණ  විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගැනීමත් සමගම  සැකකරු එම මුදල් ගිල දමා තිබූ බව පොලිසිය කියයි .
වහා ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් සැකකරුව  ගම්පහ රෝහලේ  අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා  වෙත යොමු කිරීමට කටයුතු කළ බව පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පරීක්ෂණ පවත්වයි
සමීර අබේසිංහ – බොරලැස්ගමුව

More Stories