බත්තරමුල්ල ල අකුරේගොඩ ප්‍රදේශයේ ඉදිකරන ලද ශ්‍රි ලංකා යුද හමුදා මුලස්ථානයේ වසරකට නඩත්තු වියදම රුපියල් බිලියන 10 කට ආසන්න මුදලක් වැය වන බවට මේ වනවිට ගණන් බලා තිබේ. මෙය මෙරට උසස් අධ්‍යාපනයට යොදන මුදලින් හරි අඩකි.

අතී නවීන පහසුකම් වලින් සමන්විතව ඉදි කිරිමට යෝජිත වු මෙම යුද හමුදා මුලස්ථානය අති නවීනතම තාක්ෂණික පහසුකම්වලින්ද සමන්විත අතර අති නවීන තාක්ෂණික ආරක්ෂණ ක්‍රමවේදයන්ගෙන් ද මෙම සංකීර්ණය සන්නද්ධය. ඒවන් යුද හමුදා මුලස්ථානයක් අපට තිබීම පිලබඳ අප ආඩම්බර විය යුතුය. නමුත් ගැටලුව ඇත්තේ මෙවන් මුලස්ථානයක් සංවර්ධනය වෙමින් පවතින තුන් වන රටක් වන ලංකාව වැනි දුපතකට ඔරොත්තු නොදීමය.

කෙසේ නමුදු පළමු අදියර ලෙස වැඩ නිම කෙරුණු යුද්ධ හමුදා මූලස්ථානය සහ කාර්යාල සංකීර්ණය ඊයේ විවෘත කරනු ලැබුයේ මෙවන් දහසකුත් අභියෝගතා මැදයග ශ්‍රී ලංකාවේ මෙතෙක් ක්‍රියාත්මක වු විශාලතම ගොඩනැඟිලි ව්‍යාපෘතිය මෙය වන අතරල දිවයින පුරා විසිර ගොස් තිබු යුද හමුදා මුලස්ථාන කොටස් ඉදිරියේදි යළි මෙහි ස්ථාපිත කෙරීමට නියමිතය.

2009 වසරේ යුද ජයග්‍රහණයෙන් පසුව හිටපු ආරක්ෂක ලේකම්ගල වත්මන් පොදුජන පෙරමුණේ ජනාධිපති අපෙක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කොළඹල ගාලු පාර අංක 01 ලිපිනය දරන ස්ථානයේ තිබු ශ්‍රි ලංකා යුද හමුදා මුලස්ථාන ගොඩනැගිල්ල සහිත අක්කර 10 ක ඉඩම විකුණා දැමුයේ රුපියල් මිලියන 8250 ක මුදලකටය. ඒම අවස්ථාවේදි යුද හමුදා මුලස්ථානය ස්තාන 17 කට බෙදී වෙන්ව ගියහ. ඒදා යුද හමුදා මුලස්ථානය පිහිටි භූමිය අද චීනයේ ෂැංග්‍රිලා හෝටලය ට හිමි වි අවසන්ය.

More Stories