derana news today

දිස්ත්‍රික්ක හතරක මෙතෙක් අස්වැසුම ප්‍රතිලාභ නොලැබුණු සියලු දෙනාට අලුත් අවුරුද්දට පෙර හිඟ මුදලත් සමඟ ප්‍රතිලාභ ලබාදෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි.

පොළොන්නරුව, කෑගල්ල , නුවරඑළිය සහ බදුල්ල යන දිස්ත්‍රික්ක හතරේ අස්වැසුම ප්‍රතිලාභ යටතේ රුපියල් 2,500 දීමනාව ලබාදීමට නියමිතයි.

අද (01) උදෑසන දෙහිඕවිට ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කරයි.

මෙම දිස්ත්‍රික්කවල අස්වැසුම ප්‍රතිලාභීන් තෝරාගැනීමේ දී අඩු ලකුණු ප්‍රමාණයක් හිමි විශාල පිරිසක් ද ලේඛනවලට ඇතුළත් වීම හේතුවෙන් එම දිස්ත්‍රික්කවලට හිමි කෝටාව ඉහළ මට්ටමක පැවතීමෙන් මෙම ගැටලුව උද්ගතව තිබූ බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

Similar Posts