මුම්බායි හි Jio World Convention Centre හි දී ආසියාවේ ධනවත්ම පුද්ගලයා ලෙසින් සැලකෙන ඉන්දියාවේ මුකේෂ් අම්බානිගේ බාල පුත්‍රයා වන ආනන්ත් අම්බානිගේ විවාහ මංගලෝත්සවය පැවැත්වේ.

අමුත්තන්ගේ ගමන් පහසුව පිණිස අතිසුඛෝපභෝගී Falcon 2000 Jet යානා 3 ක්ද ඇතුළුව පුද්ගලික ජෙට් යානා 100 ක ඇණියක් මේ සඳහා සූදානම් කර ඇති බව ය.

මේ වන විටත් ලොව සම්භාවනීය පුද්ගලයින් රැසක්ම මෙම මංගලෝත්සවයට සහභාගී වීම සඳහා මුම්බායි නුවරට පැමිණ තිබේ.

මේ බව තහවුරු කරමින්, Falcon 2000 ජෙට් යානා 3ක් කුළියට ගැනීමට අම්බානි කටයුතු කර ඇති බව Air Charter company Club One Air හි ප්‍රධාන විධායක නිලධාරී Rajan Mehra, රොයිටර්ස් පුවත් සේවය වෙත සඳහන් කර තිබේ. පුද්ගලික ගුවන් යානා 100කට වැඩි ප්‍රමාණයක් මෙම උත්සව සමය වෙනුවෙන් යොදා ගෙන ඇති බව එහිදී ඔහු වැඩිදුරටත් පවසා ඇත.

Similar Posts