ආර්ථික ස්ථායිතාව වෙනුවෙන් රජය ගෙන එන ආර්ථික පරිවර්තන පනතට සහාය දෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ සියලු පක්ෂවලින් ඉල්ලා සිටී.

ඒ, ජාත්‍යන්තර හෙද දිනය වෙනුවෙන් අරලිය ගහ මන්දිර පරිශ්‍රයේ පැවති සැමරුම් උත්සවයේදීය.

එහිදී වැඩිදුරටතත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා,

“අපේ බලාපොරොත්තුව එන අවුරුද්දේ අවම අවශයෙන් 3%ක වර්ධන වේගයක් ඇති වෙයි කියලා. එහෙනම් 3%ක වර්ධන වේගයක් ඇති වෙන අවස්ථාවේදී රජයේ සේවකයින්ට පඩි වැඩිකිරීම ගැනත් අපේ අවධානය යොමුවෙලා තියෙනවා. අපි කොන්දේසියකට ඇවිත් කියෙනවා IMF සංවිධානය සහ අපිට ණය දෙන රටවල් එක්ක. අපි මුදල් මුද්‍රණය කරන්නේ නැහැ කියලා.”

හෙද සේවයේ මාතාව ලෙස විරුදාවලිය ලත් ෆ්ලොරන්ස් නයිටිංගේල් මැතිණියගේ ජන්ම දිනය පදනම් කරගනිමින් ඊයේ 12 වනදා ජාත්‍යන්තර හෙද දිනය ලෙස ප්‍රකාශයට පත්කර තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති ජාත්‍යන්තර හෙද දින සැමරුම  අරලිය ගහ මන්දියරයේදී පැවැත්වුණි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන,සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ ඇතුළු මැතිඇමතිවරුන් මෙන්ම සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නිලධාරීන් රැසක් ඊට එක්වුණි.

එහිදී ෆ්ලොරන්ස් නයිටිංගේල් මැතිණියගේ පිළිරුවකට පුෂ්පෝපහාර දැක්වීමද සිදුකෙරුණි.

Similar Posts