corona-outbreak

තවත් කොරෝනා ආසාදිතයන් 696 දෙනෙකු අද දිනයේ හඳුනාගෙන තිබේ.ඒ අනුව අද දිනය තුළ හඳුනාගෙන ඇති ආසාදිතයන් ප්‍රමාණය 1,891කි.

දිනක් තුළ මෙරටින් වාර්තා වූ වැඩිම ආසාදිතයන් ප‍්‍රමාණය මෙයයි.මෙම පිරිස සමඟ මෙරට සමස්ත ආසාදිත ප්‍රමාණය 111,753 දක්වා ඉහළ යයි.

අලුත් අවුරුදු කොවිඩ් පොකුර මතු වීමෙන් පසු එම රෝගීන් සංඛ්‍යාව ඉහළ යෑම නිසා බොහෝ රෝහල් හා ප්‍රතිකාර මධ්‍යස්ථාන වල ඇඳන් සම්පූර්ණයෙන්ම පාහේ පිරී ගොස් ඇතැයි රෝහල් ආරංචිමාර්ග වලින් පැවසේ .

කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර ලබාදෙන මධ්‍යම පළාතේ රෝහල් පහේ ඇඳන් 1200ම මේ වෙනවිට පිරී ගොස් ඇතැයි මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය නිහාල් වීරසූරිය මහතා පැවසීය .

තහනම් කරන ලද ප්‍රිය සාද, මංගල උත්සවය ආදිය නිවෙස්වල සහ වෙනත් ස්ථානවල පැවැත්වීම ද තහනම් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

හෝටල්වල පැවැත්වීමට සැලසුම් කර තිබූ ප්‍රිය සම්භාෂණ වෙනත් ස්ථානවල පැවැත්වීමට සුදානම් කර ඇතැයි වාර්තා වන බව යුද හමුදාපතිවරයා සඳහන් කරයි.

මේ අතර, ප්‍රිය සම්භාෂණ හෝ උත්සව සංවිධානය කරන්නන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

Similar Posts