ආසියා- පැසිෆික් නාවික සම්මන්ත්‍රණයේ හයවන වාර්ෂික සම්මන්ත්‍රණය නොවැම්බර් 19 වනදා සිට කොළඹදී ආරම්භ වන බව ශ්‍රි ලංකා නාවික හමුදාව පවසයි. නාවික යුද කටයුතුවලට අදාල ජාත්‍යන්තර නීතින් පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ලබන 21 දක්වා එම සම්මන්ත්‍රණය පැවැත්වේ.

නාවික යුද  නීතිය, මුහුදේදී සිදුකරන මානුෂිය මෙහෙයුම්වල සුවිශේෂි ගති ලක්ෂණ, ඒ හා සම්බන්ධ ගැටළු මෙන්ම සමුද්‍රීය මෙහෙයුම් සිදුකළ හැකි නෛතික රාමුව පිළිබඳව එහිදී අවධානය යොමු කිරීමට නියමිතය.

මේ සදහා බංග්ලාදේශය, කාම්බෝජය, චීනය, ෆිජි, ඉන්දුනිසියාව, ජාපනය, මැලේසියාව, මාලදිවයින, මියන්මාරය, නවසිලන්තය, පැපුවාගිනියාව, පිලිපිනය, කොරියාව, සිංගප්පුරුව, තායිලන්තය, නැගෙනහිර ටීමෝරය, එක්සත් ජනපදයසහ වියට්නාමය යන රටවල් ඒක් වන බවද නාවික හමුදාව පවසයි.

නාවික හමුදාව සහ ජාත්‍යන්තර රතු කුරුස කමිටුව එක්ව මෙම ආසියා-පැසිෆික් නාවික සම්මන්ත්‍රණය සංවිධානය කර තිබේ.

More Stories