කොරෝනා වෛරසයෙන් මිදීමේ මඟ යනුවෙන් වාර්තාවක් ශ්‍රී ලංකා ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍ය විශේෂඥවරුන්ගේ සංගමය විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලබාදී තිබේ.

“අදියර තුනකට තමයි මේ වැඩපිළිවෙල යෝජනා කරලා තියෙන්නෙ. මේකෙදි අපි ප්‍රධානකොට සලකලා බලලා තියෙනවා මේ ඇඳිරි නීතිය කොහොමද පවත්වාගෙන යන්නෙ, ඒක ලිහිල් කරන්නෙ කොහොමද, නිවසකින් එළියට ඒම එක් පුද්ගලයෙකුට පමණක් සීමා කරන්න, ඔහුට අවසර පත්‍රයක් දෙන්න, ඒ කාලසීමාවක් යම්කිසි කාලයකට සීමා කරන්න.

ඊළඟට ප්‍රවාහන පහසුකම් පවත්වා ගැනීම. මුලදි පුද්ගලික වාහන පමණයි. පොදු ප්‍රවාහන පහසුකම් ලිහිල් කරන්නෙ නෑ. දෙවැනි අවස්ථාවෙදි අපි පොදු පහසුකම් යමකිසි ප්‍රමාණෙකට සීමාවක් ඇතුව ලිහිල් කරනවා. ඊළඟට අපි විවෘත කරන වෙළඳ මධ්‍යස්ථාන, ආහාර සැපයුම් ජාලා වෙනදා පරිදිම පවත්වාගෙන යනවා. තවදුරටත් බැංකු පාරිභෝගිකයින්ට කටයුතු කරන්න විදියට දුරස්ථ විදියට කිරීම. පාසල් සහ අනෙකුත් අධ්‍යාපන ආයතන ඇරඹීම පසුකාලීනව සිදුකිරීම, මේ අවස්ථාවේ ආරම්භ නොකර.

ඊළඟට කර්මාන්තශාලා. දෙවැනි අදියරේදී හෝ තුන්වැනි අදියරේදී සීයට පනහක ධාරිතාවයෙන් කටයුතු කිරීම. විශේෂයෙන් බස්නාහිර පළාතට ආවේණික අවශ්‍යතාවයන් හඳුනාගෙන ව්‍යාපාර කේන්ද්‍රය විදියට බස්නාහිර පළාතට සුවිශේෂී වූ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීම” යනුවෙන් ඒ මහතා සඳහන් කළේය.

Similar Posts