ඇමතිවරුන්ට රජයේ නිවාස මන්ත්‍රිවරුන්ට වාහන බලපත්‍ර සහ විශ්‍රාම වැටුප් ලබා නොදෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළා.

සියලුම පුරවැසියන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගතයුතු උපරිම ක්‍රියාමාර්ග ගන්නා බවයි ජනාධිපතිවරයා කියා සිටියේ.

මේ අතර මීරිගම – කඩවත අධිවේගී මාර්ග කොටස ඉදිකිරීම සඳහා චීන රජය සමග සාකච්ඡා කළබවත් ඒ සඳහා වන සැලසුම් සූදානම් බවත් ජනාධිපතිවරයා සඳහන් කළා.

අද වනවිට ආණ්ඩුවේ හෝ විපක්ෂයේ කිසිදු මන්ත්‍රීවරයෙකුට පොලිස් රථ නොමැති බවත් මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප ඉවත් කිරීම සඳහා වන සංශෝධනය කඩිනමින් පාර්ලිමේන්තුවට ගෙන ඒමට කටයුතු කරන බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

ජාතික ජන බලවේගය කළුතර දී පැවැත්වූ සුහද හමුවකට එක්වෙමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළකළා.

මැතිඇමතිවරුන් මෙන්ම ජාතික ජන බලවේගයේ නියෝජිතයින් රැසක් ඊට එක්ව සිටියා.

More Stories