ධවල මන්දිරයේ පිහිටි භූගත බංකරයකට ඇමෙරිකානු ජනාධිපති හදිසියේම කැඳවා ගෙන ගියේ ධවල මන්දිරය ඉදිරිපිට ඇතිවූ විරෝධතාවයන් සමග බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ.

මේ වන විටත් කලු ජාතික ජොර්ජ් ෆ්ලොයිඩ් ඝාතනය කිරිමේ සිදුවීම අරම්භයා ධවල මන්දිරය ඉදිරිපිටදී පැවති විරෝධතාවයන් සමග විරෝධතාකරුවන් විසින් ධවල මන්දිරයේ පිහිටි ආරක්ෂක මුරකුටි කිහිපයකටම ප්‍රහාර එල්ල කොට තිබෙනවා.

පොලිසියේ කෲරත්වය සහ ප්‍රචණ්ඩත්වය විශේෂයෙන්ම කළු ජාතිකයන් ඉලක්ක කර ගනිමින් සිදුවන ප්‍රචණ්ඩ ක්‍රියාවලට එරෙහිව ඇමෙරිකාවේ නගර රැසක මෙම විරෝධතා පැවැත්වෙයි.

නගර රැසකට මේ වනවිට ජාතික ආරක්ෂක බළකාය කැඳවා ඇත. පොලිසිය සහ විරෝධතාකරුවන් අතර ගැටුම් උත්සන්න වී තිබෙන ගොඩනැගිලි, වාහන යනාදිය හානි සිදු වී ඇත. විරෝධතාකරුවන් පාලනය කිරීම සඳහා නගර රැසක් ඇඳිරි නීතිය පැනවූව ද විරෝධතාකරුවන් පාලනය වී නැතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ අතර ඇමෙරිකා එක්සත් ජනපදයේ මිනසෝටා ප්‍රාන්තයේ මිනියැපොලිස් හි පැවැත්වෙන විරෝධතා ආවරණය කිරීමට ගිය රොයිටර්ස් ටීවී පුවත් සේවයේ මාධ්‍යවේදීන් කණ්ඩායමේ සාමාජිකයන් දෙදෙනකු පොලිසියේ රබර් උණ්ඩ ප්‍රහාරයකට ලක්ව ඇත.

 

More Stories