ඉන්දියාවේ පූනේ සිට බැංගොලෝර් නගරය දක්වා දිව යන අධිවේගී මාර්ගයේ නවාලේ පාලම අසලදී දරුණු රිය අනතුරක් සිදු වීමෙන් වාහන 40 කට අලාභානි වී ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

නවාලේ පාලම අසලදී තිරිංග ක්‍රියා විරහිත වීම හේතුවෙන් ට්‍රක් රථයක් පාලනය කරගත නොහැකිව වාහන කිහිපයක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ.

රිය අනතුර සිදුවීමෙන් පසුව ට්‍රක් රථයේ තෙල් කාන්දු වීමෙන් මාර්ගය ලිස්සනසුළු වීම හේතුවෙන් තවත් මෝටර් රථ අනතුරට ලක්ව තිබේ. රිය අනතුර හේතුවෙන් කිලෝ මීටර 2 කට වඩා අධික වාහන තදබදයක් ඇති වී ඇත.

 

Similar Posts