idh

කොරෝනා වෛරසය ආසාදනය වූ ඉන්දීය ජාතික නාවිකයෙක් කටාර් රාජ්‍යයේ දෝහා සිට අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත එවා තිබෙනවා.

මෙම ගුවන් මගියා  දෝහා ගුවන් තොටුපළේ දී කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව අනාවරණය වීමත් සමග ඔහු පැමිණි ගුවන් යානයෙන්ම කටුනායක ගුවන් තොටුපළ වෙත ආපසු හරවා එවා ඇති බව සඳහන්.

ඔහු ආපසු ඉන්දියාවේ මුම්බායි නුවර වෙත යැවීමට ඉන්ඩිගෝ ගුවන් සේවයේ ගුවන් යානයක් මෙම අවස්ථාවේ නොමැති නිසා, මෙම ගුවන් මගියා වෛද්‍ය ප්‍රතිකාර සදහා කොළඹ අයි.ඩී.එච්.රෝහල වෙත යොමු කර ඇත.

Similar Posts