උතුරු ගාසා තීරයේ සිටින සියලුදෙනා ඉදිරි පැය විසි හතර තුළ දකුණු දෙසට සංක්රමණය විය යුතු බවට ඊශ්රායලය නිවේදනය කළ බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.
කලාපයේ පුපුරා යන යුද තර්ජනය හේතුවෙන් අවධානයෙන් සිටින ලෙසට උතුරු ඊශ්රායලයේ වෙසෙන ශ්රී ලාංකිකයන්ට ඊශ්රායලයේ ශ්රී ලංකා තානාපති විශේෂ දැනුම්දීමක් සිදු කරයි.
හමාස් සංවිධානයට එරෙහිව ගොඩබිම් ප්රහාරයක් එල්ල කිරීමේ අරමුණින් මෙම අනතුරු ඇගවීම සිදුකර ඇති බවටයි ජගත් සංවිධානය පවසයි.
මේ වනවිට ගාසා තීරයේ ජනගහණයෙන් අඩක් හෙවත් මිලියන 1.1 ක් පවතින තත්ත්වය හේතුවෙන් පීඩාවට පත්ව ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කරයි.