wesak

සම්බුදු තෙමඟුල සිදුවූ පින්බර වෙසක් පුන් පොහෝ දිනය අදට යෙදී තිබෙනවා. සිද්ධාර්ථ කුමාරෝත්පත්තියත්, බෝසතාණන් වහන්සේ බුද්ධත්වයට පත්වීමත්, සම්බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණයත් අද වැනි වෙසක් පුර පසළොස්වක පොහොය දිනක සිදුවූ බව ශාසන ඉතිහාසයේ සඳහන්.

වෙසක් පොහොය ශාසනික මෙන්ම ජාතික වශයෙන් ද වැදගත් තවත් සිදුවීම් ගණනාවක් සිදුවූ දිනයක්.

බුදුන් වහන්සේගේ අග්‍ර උපස්ථායක වූ ආනන්ද තෙරුන් වහන්සේ පිරිනිවන් පෑමද අද වැනි දිනක සිදු විය.

බුද්ධත්වයට පත්ව අට වසරකට පසු මණිඅක්ඛිත නා රජුගේ ආරාධනයට අනුව කැලණියට වැඩම කිරීමද වෙසක් පොහෝ දිනයක සිදු විය.

එදිනම සමන් දිව්‍ය රාජ්‍යයාගේ ඇරැයුමෙන් උන්වහන්සේ සමනල කන්දට වැඩම කර දිවා විවරණ කළහ. මේ අනුව බුදුන්වහන්සේගේ තෙවැනි ලංකාගමනය ඇතුළු මෙරට ශාසන ඉතිහාසයේ සුවිශේෂී සිදුවීම් රැසක්ද වෙසක් පොහොයදා සිදු විය.

වසර තුනකට පසු මෙවර රට පුරා විවිධ ස්ථානවල තොරණ කිහිපයක් ද ඉදිවෙමින් පවතින අතර, පිටකොටුව බෝධිය අසල සහ තොටළඟ ඉදිවන තොරණ ද මෙවර ඉදිකර ඇත.

More Stories