බොරලැස්ගමුව පොලිස් ස්ථානය මගින් මත්ද්‍රව්‍ය චෝදනාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයෙකුගෙන් සිදු කළ විමර්ශනයකදී එම පුද්ගලයාගේ බැංකු ගිණුම් වලට දින පතා ලක්ෂ ගණනක මුදල් තැන්පත් වීම හේතුවෙන් ඒ පිළිබඳව ඇති වූ සැකයක් මත පරීක්ෂණ ඇරඹූ බොරලැස්ගමුව පොලිසිය රුපියල් එක්කෝටි දශ ලක්ෂයකට අධික හෙරොයින් මත්කුඩු කිලෝ එකයි ග්‍රෑම් සීයක් සහ රුපියල් ලක්ෂ 5 කට අධික ඩාන්සින් මත් පෙති තොගයක් අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව බොරලැස්ගමුව පොලීසිය පැවසීය.
අත්අඩංගුවට පත් පුද්ගලයාගේ බිරිඳ යොදවා මත්ද්‍රව්‍ය ලබා දෙන පුද්ගලයාගෙ දුරකතනයට ඇමතුමක් ලබාගෙන එම පුද්ගලයා බෙල්ලන්විල විහාරස්ථානය අසලට කැඳවීමෙන් අනතුරුව සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරින් හා සිවිල් වාහන දෙකක් යොදාගෙන මත්ද්‍රව්‍ය ලබා දීම සඳහා සුඛෝපභෝගී කුඩා මෝටර් රථයකින් පැමිණෙන බවට ලද තොරතුරු මත මත්කුඩු තොගය සමග පිරිමි පුද්ගලයෙකු හා කාන්තාවක් අත්අඩංගුවට ගත් බවත් පොලීසිය පැවසීය.
අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගය අතර හෙරොයින් මත්කුඩු කිරීමට උපයෝගී කරගන්නා ඉලෙක්ට්‍රොනික සියුම් තරාදියක්, මත්කුඩු එතීමට යොදා ගන්නා කුඩා කඩදාසි තොගයක් ජංගම දුරකථන පහක්, පෞද්ගලික බැංකුවක පවත්වාගෙන යනු ලබන බැංකු ගිණුම් පහකට අදාළ බැංකු පොත් හතරක් අත්අඩංගුවට ගත් බවත් පොලිසිය පැවසීය.
බොරලැස්ගමුව ප්‍රදේශයේ ම කුඩු ජාවාරමේ නියැලෙන පුද්ගලයෙකු හට මෙම මත්කුඩු තොග ලබා දීමට රැගෙන ආ බවත් නුගේගොඩ ප්‍රදේශයේ දෙමහල් නිවසක් මාසිකව රුපියල් 75,000 ක කුලී පදනම මත ලබා ගෙන මෙම ජාවාරම කාලයක් තිස්සේ සිදු කර ඇති බවත් අත්අඩංගුවට පත් යුවළ විවාහ වී නොමැති බවත් මෙම ජාවාරම කාලයක් තිස්සේ ඔවුන් විසින් පවත්වා ගෙන ගොස් ඇති බවත් අත්අඩංගුවට පත් සැකකරුවන්ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම් වලදී මෙම මත්කුඩු විදේශ ගතව සිටින මහාපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වන ශිරාන් බාසික් නැමැත්තාට අයත් ඒවා බවට අනාවරණ වූ බව පොලිස් නිලධාරියකු පැවැසීය.
අත්අඩංගුවට ගත් සැකකාරිය රත්මලාන ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 34 ක තැනැත්තියක් බවත් අනෙක් සැකකරු රාජගිරිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 30 තැනැත්තෙක් බවත් පොලීසිය පැවසීය.
සැකකරුවන් නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර රඳවා ගැනීමේ නියෝග මත පරීක්ෂණ සිදු සිදු කිරීමට නියමිත බවත් පොලීසිය පැවසීය.
බස්නාහිර පළාත භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත නුගේගොඩ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්රදීප්ර රත්නායක මහතාගේ සෘජු අධීක්ෂණය මත බොරලැස්ගමුව පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එච්.ඩී. විජේරත්න මහතාගේ මෙහෙය වීමෙන් පොලිස් පරීක්ෂක රාජරත්න අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක මධුසංඛ,උප පොලිස් පරීක්ෂක ප්‍රියන්ත,පොලිස් සැරයන් 68843 දේශාන්, මහත්වරු පරීක්ෂණ පවත්වයි .
සමීර අබේසිංහ – බොරලැස්ගමුව