රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය, පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ මැතිවරණ ප්‍රකාශනය එළිදැක්වීමේ උත්සවයට සහභාගි වීම වරදක් බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය පවසයි.

මේ සම්බන්ධයෙන් වෛද්‍ය අනුරුද්ධ පාදෙණියට එරෙහිව විනය පියවර ගන්නා ලෙස මැතිවරණ කොමිසම සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයාට කළ දැනුම්දීමක් මත ඒ පිළිබඳව පරීක්ෂණයක් ආරම්භවී ඇති බව ද මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය කොළඹ දී මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේය.

අද (31) එළිදැක්වූ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසගේ මැතිවරණ ප්‍රකාශය එළිදැක්වීමේ උත්සවයටද වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය සහභාගි වී සිටි බව මාධ්‍යවේදියෙකු පෙන්වා දුන් විට මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පැවසුවේ “එක වරදක් වසා ගැනීමට තවත් වරදක්” කිරීම අනුමත කළ නොහැකි බවය.

“අද ගියත් ඒක වැරදියි. දේශපාලන රැස්වීම් වලට යන්න බැහැ. අද ගියේ එදා එක බේරගන්නනේ. දැන් වරද ඩබල් වෙනවා. මේ සම්බන්ධයෙන් දැන් සෞඛ්‍ය අමාත්‍යංශය පරීක්ෂණයක් ආරම්හ කරලා තියෙන්නේ,” පොලිසියට මේ ගැන ලැබුණු පැමිණිල්ලක් මත ඒගොල්ලොත් මේ ගැන පරීක්ෂණයක් කරනවා.” මැතිවරණ කොමිසමේ සභාපතිවරයා කියා සිටි බව බීබීසී සිංහල වෙබ් අඩවිය වාර්තා කර තිබුනි.

අද පැවති සජිත් ප්‍රේමදාස මහතාගේ මැතිවරණ ප්‍රකාශය එළිදැක්වීමේ උත්සවයටද GOMA  සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා පැමිණි සිටියේ අනාරාධිතව බවත්, පැමිණ සිටි කිසිවෙකු ඔහු පිළිනොගත් බවත්, මාධ්‍ය වෙත පෙනෙන ආකාරයට අවස්ථා කිහිපයකදී අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර සහ අමාත්‍යවරුන් කිහිපදෙනෙකු වෙත සමීපවීමට උත්සාහ කළ බවත්, දෙක බැලන්ස් කරන්න GOMA  ලොක්කා සජිත්ගේ උත්සවයට බලෙන්ම ඇවිත් යනුවෙන් නිවුස් ටියුබ් වෙබ් අඩවිය විසින් වාර්තාකර තිබුනි.

 

 

 

Similar Posts