පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී දිසානායක මහතා ගමන් ගත් වාහනය අවහිර කළ බව පවසා නිරායුධ පුද්ගලයන්ට වෙඩි තැබීමට චෝදනා ලැබ සිටින මේ වන විට පොලිස් අත්අඩංගුවට පත් වී ඇති ආරක්ෂක නිලධාරීන් දෙදෙනා අද දින හැටන් මහේස්ත්‍රාත් අධිකරණයේදී හඳුනාගැනීමේ පෙරට්ටුවකට යොමු කරන බව පොලීසිය කියයි.

ඊයේ රාත්‍රී 7.30ට පමණ සිදු වූ මෙම වෙඩි තැබීමෙන් පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කරන ලදී.

මෙම ආරක්ෂක නිලධාරීන් දෙදෙනා සතුව තිබූ පිස්තෝල දෙකක් ගිනිගත්හේන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර හිස් පතුරම් කොපු 3ක්ද වෙඩි තැබීම සිදු වූ ස්ථානයේ තිබී සොයා ගෙන ඇත.

 

More Stories