දෛනිකව එළවලූ තොග මිල ගණන් පිළිබඳ තොරතුරු සියලූම පොලිස් ස්ථාන වෙත ලබා දීමට පොලිස් මූලස්ථානය පියවර ගෙන ඇත.
මැනිං වෙළඳපොළ, දඹුල්ල, වේයන්ගොඩ, මීගොඩ, කැප්පෙටිපොළ, නාරාහේන්පිට ඇතුළු දිවයින පුරා උදෑසන සහ රාතී‍්‍ර කාලයේ විවෘත කෙරෙන ආර්ථික මධ්‍යස්ථාන 15 ක එළවළු තොග මිල ගණන් පොලිස් මූලස්ථානය මගින් සියලූ පොලිස් ස්ථාන වෙත සපයනු ලබනවා.
සාධාරණ මිලකට එළවලූ අලෙවි කිරීම සිදු වන්නේ ද යන්න සොයා බලන ලෙස වැඩ බලන පොලිස්පතිවරයා සියලූම පොලිස් ස්ථාන වෙත උපදෙස් ලබා දී ඇති බව සදහන් වේ.