මෙරට වේගයෙන් පැතිර යන කොවිඩ් ප්‍රභේදය බවට ඔමික්‍රෝන් පත්වෙමින් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ, වෛද්‍ය තාක්ෂණික සේවා අංශයේ අධ්යක්ෂ, වෛද්‍ය අන්වර් හම්දානි මහතා පවසයි.
මේ අතර යළිත් කොරෝනා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බව සමස්ත ලංකා හෙද සංගමය පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය ප්‍රකාශ කළේ, සතියක කාලයක් තුළ කොළඹ ජාතික රෝහලේ පමණක් ගර්භනී හෙද නිලධාරිනියන් ද ඇතුළුව හෙද නිලධාරීන් 62 දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවයි.
අනෙකුත් රෝහල්වල ද කාර්ය මණ්ඩලයේ වැඩි පිරිසකට මේ වන විට කොරෝනා ආසාදනය වී ඇති බවයි ඔවුන් නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සදහන් වන්නේ.
මේ අතර ලංකාව තුල දෛනික ආසාදිතයින් ඉහළ යෑමත් සමඟ යළි සංචරණ සීමා පනවනවාද යන්න පිළිබදව සොයා බලන බව කොවිඩ් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය, විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසයි.