කිලිනොච්චිය, ඉරණමඩු ජලාශයේ වාන් දොරටු 14ම අද (15) අලුයම විවෘත කළ බව උතුරු පළාත් වාරිමාර්ග දෙපාර්තමේන්තු පළාත් අධ්යක්ෂ ඉංජිනේරු එන්.සුදාකරන් මහතා පවසයි.
අක්කර අඩි එක්ලක්ෂ විසිදහසක ධාරිතාවයෙන් යුතු ඉරණමඩු ජලාශයේ ජල ධාරිතාව අඩි 36 ක් වන අතර අඟල් දෙක බැගින් ජලාශයේ වාන් දොරටු 11ක් විවෘත කර තිබේ.
එමෙන්ම මේ හේතුවෙන් කිලිනොච්චිය දිස්ත්රිකයට ගංවතුර අවදානමක්ද මතුව තිබෙන බවයි වාර්තා වන්නේ.
මේ අතර මෙම වසරේ දෙවැනි වතාවට දඹුල්ල කණ්ඩලම ජලාශය වාන් දැමීම ක්රියාත්මක වී තිබෙන බව මහවැලි නිලධාරීන් පවසයි.