කල්බදු ආයතනයක් ඉදිරිපිටදී ඇතිවූ ගැටුමකදී ලංකා ස්වයං රැකියා ජාතික ත්‍රිරෝද රථ සම්මේලනයේ සභාපති සුනිල් ජයවර්ධන මහතා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙම පුද්ගලයා හිතවතෙකුගේ ෆිනෑන්ස් කරන ලද ත්‍රී රෝද රථයක් සම්බන්ධයෙන් ඇතිවූ ගැටලුවක් ආදාළ ආයතනය සමග සාකච්ඡා කළ අවස්ථාවේ මෙම ගැටුම ඇති වී ඇති බවට විමර්ශනවලදී හෙළිවී තිබෙනවා. එම ගැටුම හේතුවෙන් මෙම පහරදීම සිදුව ඇති බව පොලිසිය ප්‍රකාශ කළා.

අදාළ ෆිනෑන්ස් ආයතනයේ සේවය කළ සැකකරුවන් 8 දෙනෙකු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

 

Similar Posts