ලංකාවේ ජනප්‍රියතම ටෙලි නාට්‍ය බවට පත් වු කූඹියෝ හා සහෝදරයෝ ටෙලි නාට්‍ය 2015 ට පෙර පෙන්වීමට තහනම් කර තිබු නාට්‍ය බවත් එම නාට්‍ය පෙන්වීමට අවසර ලබා දුන්නේ මේ රජයෙන් බවත් ප්‍රවීණ කලාකරු අනුර ශ්‍රීනාත් මහතා පවසයි.

ඔහු මේ බව පවසා සිටියේ අද (23) දින රාජගිරියේදි පැවති මාධ්‍ය හමුවකදීය. ජනාධිපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහය පළ කරමින් කලාකරුවන් විසින් මෙම මාධ්‍ය හමුව කැඳවා තිබුණි.

එහිදි වැඩිදුරටත් අදහස් දැක් වු අනුර ශ්‍රීනාත් මහතා ප්‍රකාශ කර සිටියේ ආණ්ඩුවෙන් ආණ්ඩුවට කලාකරුවන්ට සලකන විදිහ වෙනස් බවත් බොහෝ මැතිවරණ වලදි කලාකරුවන් කරපිංචා ගාණට ගෙන දේශපාඥයින් කටයුතු කරන බවය. නමුත් සජිත් ප්‍රේමදාස මහතා විසින් රජයක් වෙනස් වෙනකොට වෙනස් නොවන ස්ථීර කලා සාර ප්‍රඥ්ප්තියක් ගෙනවිත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කීරිමෙන් පසුව කලාකරුවන්ට ඒ නිදහස් අයිතිය භූක්ති විඳීමට ලබා දීමට එකඟ වු බවද හෙතෙම පැවසීය. මෙය මුල් මාස 03 තුල ක්‍රියාත්මක කෙරෙනු ඇති බවද ඔහු පවසයි.

2015 වනතුරු කලාකරුවන්ගේ ප්‍රකාශන අයිතිය, නිර්මාණය කිරිමේ අයිතිය ගිලිහී යාම නිසා 2015 න් පසු වසර 8-10 වාරණයට ලක් වී තිබු ටෙලි නාට්‍ය පෙන්වීමට ගත් බවත් ලංකාවේ ජනප්‍රියතම ටෙලි නාට්‍ය බවට පත් වු කූඹියෝ , සහෝදරයෝ ටෙලි නාට්‍යයද ඒ අතර වු බව ඔහු පැවසීය.

මෙම මාධ්‍ය හමුවට ලයනල් ගුණරත්න, අනුර ශ්‍රීනාත්, උදේනි චන්ද්‍රසිරි, ටෙඩී විද්‍යාලංකාර, සමන් අල්මේදා යන කලාකරුවන් එක්ව සිටියහ.

ශානි පොල්ගම්පල

 

වීඩියෝව පහතින්…

More Stories