ශ‍්‍රීපාද බටහිර බෑවුමට ඇදහැලූණු වර්ෂාව හේතුවෙන් පැය කිහිපයක් තුල කලූ ගගේ ජල මට්ටම සීග‍්‍ර ලෙස ඉහළ ගොස් අද (24) රාත‍්‍රී 08.00 වනවිට මීටර් 05.19 (අඩි 17) ඉක්මවූ බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අගවයි.

ගංවතුර අවදානමකට සූදානම් වන ලෙස අනතුරු අගවන සිමාව පසුකර තිබේ.

මීටර් පහ සීමාව ඉක්මවූ විට කළු ගග දෙපස සහ පහළ ජනතාවට සුළු ගංවතුර මට්ටමකට මුහුණ දෙන ලෙස සුදානම්ව සිටින්නැයි අනතුරු අගවයි.

රත්නපුර, ඇලපාත, කිරිඇල්ල යන ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පහත්බිම් ප‍්‍රදේශවල ජීවත්වන ජනතාවට ගංවතුර අවදානමක් ඇති නිසා ආරක්‍ෂිත ස්ථාන වලට යාමට සුදානමින් සිටින්නැයි රත්නපුර දිස්ත‍්‍රික් ආපදා මධ්‍යස්ථානය දන්වා සිටී.

More Stories