මාස එක හමාරක පමණ කාලයක් තිස්සේ එක දිගට ඇඳිරිනීතියට කොටුවි සිටින කළුතර දිස්ත්‍රික්කයේ ජනතාව කූඨ ව්‍යාපාරිකයින් ගේ සූරාකෑමට ලක්ව සිටිති.

දිස්ත්‍රික්කයේ සියළුම වෙළදසල් වසා දමා ඇතත් ග්‍රාමිය හා නගරබද බොහෝ වෙළඳසල්වල පසු පස දොර විවෘතය. එසේ විවෘත කර හෝ ජනතාවට අත්‍ය අවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබාදිම අගය කළ යුතුවුවත් බොහෝ වෙළෙදුන් ජනතාව ගසා කන බව පාරිභෝගික ජනතාව කියති.

පිටුපස දොරෙන් බලෙන් භාණ්ඩ ලබා ගන්නා විට පාරිභෝගිකයාට අවශ්‍ය භාණ්ඩ තෝරා ගැනීමෙි අවස්ථාව නැත. ලියා දෙන තුණ්ඩුවෙි බඩු හොර බඩු ගන්නා සේ පොලිස් බියක් මතුකර පාරිභෝගිකයන්හට ලබාදෙති..

සහල්, පිටි, සීනි, පරිපිප්පු,පොල් , හාල්මැස්සන් , අල ඇතුළු සියලු භාණ්ඩවල මිල ඉතා ඉහලය.අනෙක ප්‍රමිතියෙන් තොර නරක්වු හා ඇතැමි විට කල් ඉකුුත්වු භාණ්ඩ පවා කලවමි කර විකුණති. සාහසිකම හොරකම ව්‍යාපාරිකයා වෙළඳසල තුළදි කිරන භාණ්ඩවල ග්‍රෑම් සීයය දෙසීය අඩු වීමය. මිල , ප්‍රමාණ හෝ ගුණාත්මක බව පිළිබද කිසිම විමසිමක් කළ නොහැකිය මන්ද ඇඳිරිනීතිය අස්සේ පොලිසියට හොරෙන් මිළදි ගන්නා නිසාය.අනෙක වෙළදසලේ පස්ස දොරෙන් ලබාදෙන නිසාය.එසේම .පාරිභෝගිකයාගේ දැඩි ඉල්ලීමට අලෙවි කරන නිසාය.

මෙි දිනවල කළුතර දිස්ත්‍රික්කයේ තොග සහ සිල්ලර වෙළදසල් බොහෝමයක පස්ස දොරෙන් අලෙවිකරන රතු කැකුළු සහල් කිලෝවක් රුපියල් 80 – 130 ත් අතරය. මයිසුර් පරිප්පු හිඟය , හිඟනිසාම රුපියල් 190 – 210 අතරය, අර්තාපල් රුපියල් 100 – 120 අතරය, හාල්මැස්සන් කිලෝව රුපියල් 1000 -1200 අතරය.පොල්තෙල් බෝතලය රුපියල් 400 -560 අතරය මිට අමතර සෑම ආහාර ද්‍රව්‍යයකම මිළ විශාල ලෙස ඉහළය. බොහෝ වෙළදසල්වල බිලක් ලබාදිම හෝ නොකරති. මිළ , ප්‍රමිතිය හෝ වෙනත් ගැටළුවක් නමි මිළදි නොගත යුතුයැයි ඇතැම් වෙළදසල් හිමියන්ගෙන් තර්ජනය.

පස්සා දොරේ වෙළඳාම පිළිබඳ පාරිභෝගික අධිකාරියට හෝ වෙනත් නිළධාරියෙකුට සොයා බැලිය නොහැකිය.මන්ද අැඳිරිනීතිය අස්සෙන් ජනතා සේවයට ආහාර ද්‍රව්‍ය ලබාදි ජනතාවට සේවයක් කරන නිසාය.

මාස ගණනාවක් අැඳිරි නීතිය තිබෙන විට ජනතාවට ආහාර ද්‍රව්‍ය සොයාගැනිමද ප්‍රශ්නයකි.නමුත් අවස්ථාව උදාවූ විට පාරිභෝගික ජනතාව ගේ ගෙල මිරිකිමද සාධාරණය නොවෙි.

කළුතර දිස්ත්‍රික්කයේ ගම් නගර පුරා සැරිසරන ජංගම අලෙවි රථද මීට දෙවැනි නොවෙි. එළවළු, කරවල, බිත්තර , මස් හා මාලු ජංගම අලෙවි රථ බොහෝමයකට කොරෝනාව වසන්තයක් බවට පත්ව තිබෙි. මාස ගණනාවකින් හරි හමං රස්සාවක් නැති අහිංසක මිනිසුන් අතේ රඳවා ගත් සොච්චමෙන් බඩ වියත ගැට ගසන්නට උත්සාහ ගනිද්දි බොහෝ ජංගම වෙළෙන්දෝ අධික මිළ ගණන් වළට භාණ්ඩ අලෙවි කරති.

මෙි හැම ලොරියක්ම, වෙළදසලකම පස්සා දොරක් පාසා පරික්ෂා කිරිමට නිළධාරින් නොමැත.එය කළ හැකි කටයුත්තක් ද නොවෙි.

Similar Posts