කළු ගඟේ කුඩා ගඟ උපද්‍රෝණියේ ඉහළ ධාරා ප්‍රදේශවලට සැළකිය යුතු වර්ෂාපතනයක් ලැබී ඇති අතර තවමත් වර්ෂාව ලැබෙමින් පවතින බැවින් කුඩා ගඟ ආශ්‍රිත පහත් බිම්වල සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඇම්බර් වර්ණයෙන් යුතු ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සදහන් කරනුයේ ඉදිරි පැය 3ත් 24ත් අතර කාලය තුළදී බුලත්සිංහල, මදුරාවල සහ පාලින්දනුවර ආශ්‍රිත පහත්බිම්වල සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවයි.

මේ හේතුවෙන් කුඩා ගඟ අවට පහත් බිම් හරහා වැටී ඇති අතුරු මාර්ග ජලයෙන් යටවීමේ දැඩි අවදානමක් පවතී. එම තත්ත්වය සම්බන්ධයෙන් දැඩි සැලකිල්ලකින් කටයුතු කරන ලෙසට එම ප්‍රදේශවල පදිංචි ජනතාවගෙන් සහ රථවාහන පදවන්නන්ගෙන් ඉල්ලා සිටී.

More Stories