කාසල්රි ජලාශයට ඉහල කොටසේ ලදු කැලැව තුල 21වන දින හටගත් ගින්නක් හේතුවෙන් එම ලදු කැලැවේ කොටසක් විනාශයට පත්ව ඇත.

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශයන්ට පවතින දැඩි වියළි කාලගුණික තත්වය හමුවේ කාසල්රි ප්‍රදේශයේ විදුලි බල මණ්ඩලයට අයත් කාර්මික විදුහලට පහල පවතින මෙම ලදු කැලැව තුල මෙම හට ගෙන ඇති බව කාසල්රි ජලාශය බාර නිලධාරියකු පැවසිය.

මෙම ප්‍රදේශයට පවතින වියළි කාලගුණික හා සුලං තත්වයන් හේතුවෙන් මෙම ගින්න මේ වන විට සිග්‍රයෙන් පැතිර යාමත් සමග මෙම ගින්න මැඩ පැවැත්විම අසිරු තත්වයක පවතින බවත් මෙම ගින්න මැඩ පැවැත්විමට යුධ හමුදා නිලධාරින් කාර්මික විදුහලේ පිරිස මෙන්ම කාසල්රි ජලාශය බාර ආරක්ෂක නිලධාරින් පියවර ගනිමින් සිටින බවද එම නිලධාරියා වැඩි දුරටත් පැවසිය.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Similar Posts