lelena song mp3 download dj

වරායේ සිරවී ඇති කිරිපිටි තොග නිදහස් කර ගැනීම තවදුරටත් ප්‍රමාද වන පසුබිමක එම කිරිපිටි තොග වෙනත් රටකට ලබාදීම සම්බන්ධයෙන් මේ වනවිටත් සාකච්ඡා කර ඇතැයි කිරිපිටි ආනයනකරුවන් පවසනවා.

එහි ප්‍රකාශක ලක්‍ෂ්මන් වීරසූරිය පැවසුවේ කිරිපිටි කිලෝ තුන් ලක්‍ෂ 60,000 ක් නිදහස් කර ගැනීමට රජය මේ දක්වා වානිජ බැංකුවලට ඩොලර් නිදහස් කර නොමැති බවයි.

අද දක්වාම එම ගැටලුවට විසඳුමක් නොලැබුණු බැවින් කොළඹ වරායේ රඳවා ඇති කිරිපිටි තොග ඉන්දුනීසියාව හා බංග්ලාදේශය ප්‍රතිඅපනයනය කිරීමට අපේක්ෂා කරන බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පැවසීය.

කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමයේ සාමාජික, ලක්ෂ්මන් වීරසූරිය පැවසුවේ කිරිපිටි නරක්වීමේ අවදානමක් ඇති බැවින් එවැනි පියවරක් ගැනීමට ඇති හැකියාව පිළිබඳව සොයන බවය.

මාස 3කට ආසන්න කාලයක සිට පවතින මෙම කිරිපිටි හිඟයට මෙතෙක් විසඳුමක් නොලැබීම හේතුවෙන් ජනතාවට අදත් කිරිපිටි මිලදීගැනීම සඳහා දිගු පෝලිම්වල රැඳී සිටින අයුරු දක්නය ලැබුණි.

More Stories