හැටන් ශ්‍රි නිග්‍රෝධාරාම විහාරස්ථානය අසල පවතින හැටන් දික්ඔය නගර සභාවේ රථ ගාල තුල එකතු කරන කසල නිසි ලෙස රැගෙන නොයාම හේතුවෙන් එම විහාරස්ථානයේ හිමිවරුන් බැතිමතුන් පාසල් සිසුන් ඇතුළු බොහෝ පිරිසක් දැඩි දුෂ්කරතාවයන්ට පත්ව ඇත.
හැටන් දික්ඔය නගර සභාවට අයත් රථ ගාල අසල විහාරස්ථානය, පෙර පාසල් දෙකක් හා විදුහලක්ද පිහිටා ඇති අතර එම රථ ගාල තුල ප්‍රදේශයේ එකතුවන කුණු කසල ගොඩ ගැසිම හේතුවෙන් බොහෝ පිරිසක් මෙසේ විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත‍.
මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන හැටන් ශ්‍රි නිග්‍රෝධාරාම විහාරස්ථානයේ හිමි නමක් පවසන ලද්දේ හැටන් දික්ඔය නගර සභාව මගින් ප්‍රදේශයේ එකතු කරනු ලබන කුණු කසල මෙම ස්ථානයේ ගොඩ ගැසිම හේතුවෙන් තමන් වහන්සේලා ඇතුළු විහාරස්ථානයට පැමිනෙන පිරිස් දැඩි දුෂ්කරතාවයන්ට පත්ව ඇති බවත්ය.
මෙම ස්ථානයේ එකතු වන කසල වෙසක් පුන් පොහෝ දිනට පෙර ඉවත් කිරිමට පියවර ගන්නා ලෙස හැටන් දික්ඔය නගර සභාවේ නිලධාරින්ගෙන් ඉල්ලා සිටියද එම නිලධාරින් එම කසල ඉවත් කිරිම වෙනුවට පොලිතින් යොදා කසල ගොඩ වැසිම සිදු කලද එම කසල තුලින් නැගෙන දුගද හා එහි පවතින මැසි මදුරු උවදුරින් වෙසක් පුන් පොහෝදා විහාරස්ථානයේ සිල් සමාදන්වු උපසිකාවන් මෙන්ම එදින විහාරස්ථානයට පැමිනි බැතිමතුන් විවිධ දුෂ්කරතාවයන්ට පත්වු බවත්ය.
මෙම ස්ථානයේ මෙසේ කසල ගොඩ ගැසිම හේතුවෙන් පෙර පාසල් යන තම සිගිති දු දරුවන් මෙන්ම පාසල් යන තම දරුවන්ද දැඩි දුෂ්කරතාවයන්ට පත්ව ඇති බවත් මෙම කසල හේතුවෙන් තම දරුවන්ගේ සෞඛ්‍යට දැඩි තර්ජනයක් එල්ලවිමේ අවදානමක් පවතින බවද එම දරුවන්ගේ දෙමාපියන් පිරිසක් පවසති.
මෙම ප්‍රදේශයේ ජනතාවගේ සෞඛ්‍ය, පරිසරය ආරක්ෂා කිරිමට පවතින ප්‍රධාන ආයතනය වන හැටන් දික්ඔය නගර සභාව මෙසේ ප්‍රදේශයේ ජනතාවගේ සෞඛ්‍යට මෙන්ම පරිසරයටද දැඩි ලෙස හානි වන ආකාරයෙන් කසල ගොඩ ගැසිම පිලිබදව මධ්‍යම පලාත් පලාත් පාලන කොමසාරිස්ගේ මෙන්ම මධ්‍යම පලාත් ආන්ඩුකාරවරයාගේද දැඩි අවදානය යොමු කල යුතු බවද එම පිරිස් පවසති.
එමෙන්ම ප්‍රදේශයේ පරිසරය ආරක්ෂා කිරිම සදහා පිහිටුවා ඇති පරිසර පොලිසිය පරිසරය විනාශ කරන මෙම කසල ගොඩ ගැසිම සම්බන්දයෙන් මුනිවත රැකිම පිලිබදව පොලිස්පතිතුමන්ගේද දැඩි අවදානය යොමු කල යුතු බවද එම පිරිස් වැඩි දුරටත් පවසති.
මෙම තත්වයන් පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂ පි. බාලක්‍රිෂ්නන් මහතා පවසන ලද්දේ පසුගිය කාලවලදි මෙම සභාව පාලනය කල සභාපතිවරුන් කසල දැමිම සදහා ඉඩමක් නොගැනිම මේ වන විට දැඩි ප්‍රශ්නයක් බවට පත්ව ඇති බවත්ය.
එමෙන්ම මේ වන විට මෙම නගර සභාව තුල ධාවන තත්වයෙන් එක් ටැක්ටරයක් පමනක් පවතින බවත් එම ටැක්ටරය මගින් ප්‍රදේශයේ තැන තැන පවතින කසල එකතු කරන විට එකතුවන කසල කොටගලට රැගෙන යාමට කාලයක් නොමැති බවත්ය.
නගර සභාව සතුව අබලන් තත්වයේ පවතින අනික් ටැක්ටර දෙක හා ලොරි රථය අලුත් වැඩියා කර දෙන ලෙස අදාල නිලධාරින් දැනුවත් කලද මේ වන තෙක් එය ඉටුකර දිමට එම නිලධාරින් පියවර ගෙන නොමැති බවද බාලක්‍රිෂ්නන් මහතා වැඩි දුරටත් පැවසිය.
මෙම තත්වයන් පිලිබදව අදහස් දක්ව හැටන් දික්ඔය නගර සභාවේ ලේකම් ඩි. වි. පි. බණ්ඩාර මහතා පවසනුයේ කොටගල කසල අන්ගනයට කසර රැගෙන ඒම මේ වන විට නතර කිරිමත් සමග මෙම තත්වයන් උදාවි ඇති බවත් ගොඩ ගැසි ඇති කසල මේ වන විට පොලිතින් යොදා ආවරණය කිරිමට පියවර ගෙන ඇති බවත්ය.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Similar Posts