babara

බගවන්තලාව පොලිස් වශමේ කොටියාගල කැම්පියන් වතුයායේ සිදුවු බබර ප්‍රහාරයක් හේතුවෙන් වතු කම්කරුවන් හතර දෙනකු හා වතු කම්කරු කාන්තාවක් තුවාල ලබා බගවන්තලාව ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කර ඇත.

17වන දින මෙම පිරිස එම වතුයායේ සේවය කරමින් සිටියදි එහි බැද තිබු බබර කුඩුවක් ඇවිස්සිමෙන් එහි සිටි බබරුන් තමන්ට පහාර දුන් බව බබර පහාර කැමට ලක්වු වතු කම්කරුවන් පවසති.

වතුකරය තුල සිදුවන බබර ප්‍රහාරයන් දිනෙන් දින වර්ධනය විමත් සමග තමන්ට නිසි ලෙස රැකියාව කර ගෙන යාමට නොහැකි තත්වයක් පවතින බවත් මෙම තත්වයන් මත තම ජිවිතද අවදානම් තත්වයන්ට පත්ව ඇති බවත් වතු කම්කරුවන් පවසති.

බබර පහාර කැමට ලක්ව රෝහල් ගත කර ඇති පස් දෙනාගේ තත්වයන් බරපතල නොවන බවත් ඔවුන් රෝහලේ නේවාසිකව ප්‍රතචිකාර ලබන බවත් බගවන්තලාව ප්‍රාදේශීය රෝහලේ නිලධාරියකු පවසන ලදි.

හැටන් – මනුර සුදත් සෙල්ලහේවා

Similar Posts