මෙතෙක් පෘථිවියෙන් වාර්තා වී තිබූ උණුසුම්ම කාල පරිච්ඡේදය මෙම වසරේ ග්‍රීෂ්ම සමය බව කොපර් නිකස් දේශගුණික විපර්යාස සේවාව විසින් ප්‍රකාශයට පත් කර තිබේ.

එම ග්‍රීෂ්ම සමයේ පැවැති අධික උෂ්ණත්වය මෙතෙක් යුරෝපයෙන් වාර්තා වී ඇති ඉහළම උෂ්ණත්වය ද වන බව සඳහන්. එය 1991 – 2000 කාලපරිච්ඡේදයේ වාර්තා වූ අධික උෂ්ණත්වයේ සාමාන්‍ය අගයට වඩා සෙල්සියස් අංශක 1.54කින් වැඩියි.

ඒ අනුව මෙම වසරේ ග්‍රීෂ්ම සමයේ උෂ්ණත්වය 2022 වසරේ පැවැති මෙතෙක් පෘථිවියෙන් වාර්තා වී තිබූ අධික උෂ්ණත්වය ද ඉක්මවා ගොස් ඇති බව කොපර් නිකස් දේශගුණික විපර්යාස සේවාව සඳහන් කරයි.

සාමාන්‍යයෙන් ලොව ග්‍රීෂ්ම සමය ඇරඹෙනුයේ ජුනි 20 හෝ 21 වැනිදායි.ලොව පුරා රටවල් විසින් ගෝලීය උෂ්ණත්වය සෙල්සියස් අංශක 1.5 නොඉක්ම වන අගයක පවත්වා ගෙන යාමට එකඟත්වය පළකර තිබේ.

කෙසේ වෙතත් පසුගිය අගෝස්තු මාසය, ගෝලීය උෂ්ණත්වය සෙල්සියස් අංශක 1.5 එකදිගට ඉක්මවූ 13 වැනි මාසය වූ බවද කොපර් නිකස් දේශගුණික විපර්යාස සේවාව අනාවරණ කරයි.

ගෝලීය උණුසුම වැඩි වීමට මුල්ව ඇති කාබන් ඇතුළු හරිතාගාර වායුන් මිනිසා විසින් වැඩි වශයෙන් පරිසරයට මුදාහැරීම හේතුවෙන් ගෝලීය උණුසුම මෙලෙස තවදුරටත් වැඩි වෙමින් පවතියි.

එය දේශගුණික විපර්යාසයන් හටගැනීමට මගපාදා ඇති බවයි විද්‍යාඥයින් සඳහන් කරයි.

Similar Posts