කොරෝනා අසාදනය වී ප්‍රතිකාර ලබන චීන ජාතික කාන්තාවගේ අවසන් ජෛව සාම්පල වෛද්‍ය පර්යේෂණ ආයතනයට යොමුකර ඇතැයි වැඩබලන සෞඛ්‍ය සේවා අධ්යක්ෂ පවසයි.
වෛද්‍යවරයා පැවසුවේ එහි ප්‍රතිඵල මත ඇයව රෝහලෙන් මුදාහැරීමට කටයුතු කරන බව ය.
ආහාර හරහා කිසිඳු අයුරකින් කොරෝනා ව්‍යාප්ත නොවන බව සෞඛ්‍ය අංශ පවසයි.
රෝගියෙකුගේ සෙම ශරීර ගතවීමෙන්, කිවිසුම් හෝ වෙනත් ක්‍රමයකින් රෝගියාගේ ආසාදිත ශ්‍රාවයන් තවත් කෙනෙකුගේ ශරීරය මත පතිතවීමෙන් මෙම වෛරසය ආසාදනය විය හැකි බව සදහන් කරයි.
කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා සෞඛ්යාරක්ෂිත ක්‍රියාමාර්ග අනුගමනය කරන ලෙස දැනුම් දෙයි.