breakingnews

දිවයිනේ පළමු කොරෝනා මරණය අයි.ඩී.එච් රෝහලෙන් වාර්තා වුණා.

ඔහු මාරවිල ප‍්‍රදේශයේ 65 හැවිරිදි වියේ පසු වූ පිරිමි පුද්ගලයෙක්.

මෙම රෝගියා කොරෝනා වෛරසය ආසාධනය වන විට වකුගඩු බද්ධ කිරීමකට ලක්ව තිබූ අතර දියවැඩියාව සහ අධි රුධිර පීඩනයෙන් ද පෙළි ඇති බව සදහන්.

කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය මැඩ පැවැත්වීම සඳහා වන රසායනාගාර පද්ධති සැකසීම, වෛරසය වැලදී සිටින රෝගීන් සොයා ගැනීම, එමෙන්ම ඒ ආශ්‍රිත නිරීක්ෂණ කටයුතු සිදුකිරිම ආදී කටයුතු වැඩි දියුණු කර ගැනීම සඳහා  අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් ඩොලර් මිලියන 1.3ක මුදලක් ප්‍රදානය කර තිබෙනවා.

කොරෝනා වෛරසය ආසාදිත රෝගින්ට ප්‍රතිකාර කිරිමේ විශේෂ රෝහලක් ලෙස සංවර්ධනය කෙරුණු හෝමාගම මූලික රෝහලේ එම කටයුතු සඳහා රෝබෝ තාක්ෂණය යොදාගැනීමට එම රෝහලේ වෛද්‍යවරයකු කටයුතු කර තිබේ.

මෙම රොබෝ යන්ත්‍රය, රෝගීන්ගේ ශරීර උෂ්ණත්වය පරික්ෂා කිරීම වැනි මූලික වෛද්‍ය පරීක්ෂණ සිදු කිරීමට අමතරව රෝගීන්ට අවශ්‍ය ආහාර සහ ඖෂධ රැගෙන යාමේ හැකියාවෙන් ද යුක්තය.

එහි සවිකර ඇති කැමරා පද්ධතිය හරහා වෛද්‍යවරුන්ට දුරස්ථව රෝගියා සමග සංවාදයේ යෙදෙමින් රෝගියා පරික්ෂා කිරීමේ හැකියාව ලබා දී ඇත.

තවද, සෞඛ්‍ය සේවකයින් ස්පර්ශ කිරීම උපරිම මට්ටමින් පාලනය කිරීම සඳහා මෙම රොබෝ යන්ත්‍රය රැහැන් රහිත (වයර්ලස්) ආරෝපණ හැකියාවෙන් ද යුතු වෙයි.

More Stories