කොරෝනා වෛරසය ආසාදනයෙන් මියගිය පුද්ගලයන් සංඛ්‍යාව 1016 ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඒ පසුගිය පැය 24 පුරා සිදු වු මරණ 108 ක් සමගයි.
මේ වනවිට චීනයේ වෛරසය ආසාදනය වූවන් සමස්තය 42000 ඉක්මවා ගොස් තිබේ.
ලෝක සෞඛ්‍ය සංවිධානය වැඩිදුරටත් සඳහන් කළේ, මෙය විශාල ගින්නක් බවට පත්විය හැකි කුඩා ගිනි පුපුරක් පමණක් බවයි.
වසංගතය පාලනයෙන් ගිලිහීමට පෙර මනුෂ්‍ය වර්ගයා කඩිනම් පියවර ගත යුතු බව ද ලෝක සෞඛ්‍ය සංවිධානය වැඩිදුරටත් අවධාරණය කරයි.
ඊයේ දින චීනයේ කොරෝනා වෛරසය අලුතින් ආසාදනයවූවන් 2097 ක් වාර්තා වූ අතර චීනය හැරුණුවිට ලොව සෙසු රටවල් 24 කින් කොරෝනා වෛරසය ආසාදනය වූවන් 319 දෙනෙකු පිළිබඳ වාර්තාවෙයි.