අමෙරිකාවේ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවා ගොස් තිබේ.
එරටින් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 102,396 ක් වන අතර මිය ගිය සංඛ්‍යාව 1607 කි.
කොරෝනා වයිරසය හේතුවෙන් වැඩිම බලපෑමක් සිදුව ඇත්තේ ඇමෙරිකා එක්සත් ජනපදයේ නිව්යෝක් සහ වොෂින්ටන් යන ප්‍රාන්තවලටය.
කොරෝනා ආසාදිත රෝගීන්ට හුස්ම ගැනීම පහසු කරන ස්වසන සංවාතන යන්ත්‍රවල (වෙන්ටිලේර්ස්) මෙන්ම පරීක්ෂණ කට්ටලවල දැඩි හිඟයක් පවතින බව ඇමෙරිකානු වෛද්‍යවරු පවසති.
අමෙරිකානු ඉතිහාසයේ විපතකදී වෙන් කෙරුණු විශාලතම මුදල් ප්‍රමාණය ඩොලර් ට්‍රිලියන 2 ක් වෙන් වුවත් කෝරොනා මැඩලීමට එය ප්‍රමාණවත් නොවන බව මේ වෙද්දි පෙනි යයි.
අමෙරිකාවේ නිව්යෝර්ක් ජනපදය කොරොනා වෛරසයේ කේන්ද්‍රස්ථානය බවට මේ වන විට පත්ව තිබේ.