coronadead

මෙතෙක් දිනක් තුළ මෙරටින් වාර්තා වූ වැඩිම කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව වන මරණ 36 වාර්තාවීමත් සමඟ ශ්‍රී ලංකාවේ සිදුව ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 1,051ක් ලෙස සටහන් වන බව සෞඛ්‍යය අංශ වාර්තා පවසයි.

මෙම මරණ අතුරින් තල්ගස්වල ප්‍රදේශයේ පදිංචිව සිටි 27 හැවිරිදි කාන්තාවක් කොවිඩ් වෛරසය ආසාදනය වී කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබීම විශේෂත්වයකි.

සෞඛ්‍යය අධ්‍යක්ෂක ජනරාල්වරයා උපුටා දක්වන රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසා සිටින්නේ ඊයේ වාර්තා වූ මරණ 36න් 19 දෙනෙකුම කාන්තාවන් වන අතර සෙසු 17දෙනා පිරිමි පුද්ගලයින් වන බවය.

කොවිඩ් වෛරසය ආසාදනයෙන් මියගිය මෙම පුද්ගලයින් අවුරුදු 27ත් 96 ත් අතර වයස්වල පසුවන්නන් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ ප්‍රවෘත්ති නිවේදනයේ සඳහන්වේ. එම පුද්ගලයන් හොරණ, ඇඹිලිපිටිය, නාවලපිටිය, පුස්සැල්ලාව, මාතලේ, වෙන්නොරුව, පන්නල, රත්මලාන, රාජගිරිය, වත්තල, ගලපිටමඩ, තුල්හිරිය, අහංගම, ඌරපොළ, කට්ටුව, සෙවණගල, තැලිගම, ඇහැළියගොඩ, නිකදළුපොත, පේරාදෙණිය, බැල්ලපිටිය, බණ්ඩාරගම, ඉංගිරිය, ගුන්නෑපාන, ඉමදුව, ගිංතොට, තල්පේ, රත්ගම, තල්ගස්වල, ඇල්පිටිය, පයාගල, වස්කඩුව හා හේනගම යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවද එම වාර්තාවෙන් පවසා සිටී.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසා සිටින්නේ ඊයේ වාර්තා වූ කොවිඩ් මරණ අතර හොරණ, මාතලේ සහ පේරාදණිය යන ප්‍රදේශවලින් මරණ දෙක බැගින් වාර්තා වී ඇති බවයි.

මෙරට දිනක් තුළ වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිතයින් ගණනක් ඊයේ වාර්තා වුණා. ඒ අනුව ඊයේ දිනයේ කොරෝනා ආසාදිතයින් 3,591දඅලුතින් හදුනා ගැනුණා. ඒ අනුව මේ වන විට මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් 151,311 දක්වා ඉහළ ගියේය.

Similar Posts