වසංගත වාර්තා අලුත්කරමින් ගතවූ දිනයේ පමණක් අමෙරිකාවෙන් කොවිඩ් ආසාදිතයින් 550,000කට ආසන්න ප්‍රමාණයක් වාර්තා වී තිබුණි.
එය එක් දිනකදි රටකින් වාර්තාවූ වැඩිම කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව ලෙසද දැක්වෙයි.
මේ අතර ගෙවුණු පය 24 තුළ ලොව පුරා වාර්තාවූ නව ආසාදිතයින් ගණන ලක්ෂ 18ක් බව සඳහන් විය.
ලෝක සෞඛ්‍ය සංවිධානය කොවිඩ් සුනාමියක් පිළිබඳ පසුගියදා කළ අනතුරු ඇඟවීම සනාථ කරමින් ලොව පුරා වාර්තාවන කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව කැපී පෙනෙන ලෙස ඉහළගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය පැවසීය.