කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය ගෝලීය වසංගත තත්වයක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ප්‍රකාශයට පත් කර තිබේ. 
ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී වෛද්‍ය ටෙඩ්රෝස් වසංගත තත්වය ප්‍රකාශයට පත්කිරීමේ දී කියා සිටියේ චීනයෙන් පිටත වෛරස් ව්‍යාප්තිය සති දෙකක් තුළ 13 ගුණයකින් ඉහළ ගොස් ඇති බවයි. ලොව පුරා රටවල් ගණනාවක යම්කිසි රෝග තත්වයක් එකවර දරුණු ලෙස පැතිර යාමේ දී ලෝක සෞඛ්‍ය සංවිධානය වසංගත තත්වයක් ප්‍රකාශයට පත් කරනු ලැබේ.
ලොව පුරා 126,000කට අධික වෛරස් ආසාධිතයින් හඳුනාගෙන ඇති අතර මියගිය සංඛ්‍යාව 4,600කට අධිකයි. කෙසේ වෙතත් රටවල් 124ක පමණ ව්‍යාප්තව ඇති වෛරසයෙන් සුවය ලැබූ පිරිස 68,000 ඉක්මවයි.

More Stories