කොළඹ නගරයේ වායුගෝලීය දූවිලි අංශු ප‍්‍රමාණයේ ඉහළ යාමක් අද (13)  දිනයේදීද සිදුවිය හැකි බව ජාතික ගොඩනැගිලි සහ පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ සරත් පේ‍්‍රමසිරි මහතා පැවසීය.

සාමාන්‍යයෙන් වායුගෝලීය දූෂණ දර්ශකය පවතින්නේ 60 -70 අතර අගයක වුවත් අද  දිනයේදී එය 100 -120 අතර අගයක් ගනු ඇතැයි නිරීක්‍ෂණය කර තිබෙන බව ඔහු ප‍්‍රකාශ කළේය.

මෙම තත්ත්වය දිනය පුරාම හෝ පැය කිහිපයක කාලයක් පැවතිය හැකි බව ද හෙතෙම කීවේය.

මෙවන් තත්ත්වයක් පවතින අවස්ථාවකදී ශ්වසන රෝග ඇති අය, කුඩා දරුවන්, වැඩිහිටියන් මෙන්ම ගර්භනී මව්වරුන් ආරක්‍ෂාකාරී විය යුතු බවද සරත් ප්‍රේමසිරි මහතා සඳහන් කළේය.
එවැනි අය වැඩි වශයෙන් එළිමහනේ ගැවසීමෙන් වැළකීම, මුව ආවරණ භාවිතය, ශරීරය වෙහෙසට පත්නොකිරීම ආදී ආරක්‍ෂිත පියවර ගැනීම සුදුසු බව ද ජ්‍යෙෂ්ඨ විද්‍යාඥවරයා කීවේය.

More Stories