ගම්පහ දිස්ත්‍රික්යේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ 10 ක් ඇත්තේ නිරෝධායන පොලිස් ඇඳිරි නීතියට යටත්වය. ඒ් මිනුවන්ගොඩ කේන්ද්‍ර කරගනිමින් ආරම්භ වු තෙවැනි කොරානා රැල්ල නිසාය.

යම් හෙයකින් ලංවිම සේවකයන්ට ආසාදනය වී හෝ ඔවුන්ව නිරෝධානය යොමු කිරීමට සිදුවුවහොත් විදුලිය පවත්වාගෙන යාම බරපතළ ගැටලුවකට මුහුණ දෙනු ඇත.

ඒ නිසා  ගම්පහ දිස්ත්‍රික්කයේ ඇති ලංවිම වැඩබිම්වල සේවය කරන සේවකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් කාර්යාල වසා දැමීමටත් පාරිභෝගික මධ්‍යස්ථාන කේන්ද්‍ර කරගනිමින්  විදුලි බිදවැටුම් ඒකක පමණක් පවත්වාගෙන යාමටත් තීරණය කළ බව නියෝජ්‍ය සාමාන්‍යධිකාරී (බ.ප.උ) ධම්මික  තන්තිරිමලගේ  මහතා පවසා සිටියි.

ලංකා විදුලි පොදු සේවක සංගමයේ සභාපතිවරයා විසින් නියෝජ්‍ය සාමාන්‍යධිකාරීවරයා අමතා ගම්පහ දිස්ත්‍රික්කයේ සේවය කරන ලංවිම සේවකයන්ගේ සෞඛ්‍යාරක්ෂාව තහවුරු කරන ලෙස කළ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් ඔහු  මෙසේ ප්‍රකාශ කර ඇත .

එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ බිඳවැටුම් රාජකාරිවල නිරත වන සේවකයන් සඳහා ආරක්ෂිත ඇඳුම් හා ආහාරපාන ලබා දීමට අදාළ ප්‍රදේශවල විදුලි ඉංජිනේරුවන් හා විදුලි අධිකාරි වරුන්ට උපදෙස් දී ඇති බවයි.

ශානිකා

More Stories