කළුතර දිස්ත්‍රික්කයේ වළල්ලාවිට, ඉත්තෑපාන , “ පන් තොට “ ගමට නම ලැබුනේ දේශිය පන් කර්මාන්තය නිසාය. කුඹුරේ නියරේ සරුවට වැවෙන වැටකෙයියා ගසේ පටන් ගල්ලැහැ, පොතුකොළ, බොරු පන්,එළු පන් ඇතුළු පන් වර්ග රැසකින් දෙස් විදෙස් වෙළදපළ පන්තොට පන් වලින් පණ ලැබිය. පන්තොට මුළු ගමම අතිතයේ එකම වැඩ බිමකි. කිසිවෙකුටත් අත නොපා ජිවත්වන සිය ගණනකගේ අටු කොටු සරු සාර වුයේ පන් ගසේ පණ නිසාය. වියපත් අත්තම්මාගේ පටන් කුඩා සිගිත්තිය දක්වා කාන්තාවෝ පන් ගසට පන දුන්නෝය. නමුත් වර්තමානයේ පන්තොට නැත්තේ පන් පමණි.
මාලු පාන් වල මාලු නැත.කිඹුලා බනිස් වල කිඹුල්ලු නැතිවාසේම පන්තොට ගමේද අද පන් ගසක්, පන් පැදුරක්, පන් මල්ලක් සොයා ගැනිමට නැත.පන්ගසෙන් පණ නළ ගැටගසා ගත් කාන්තාවෝ ඇගළුම් සොයා ගෙසින්ය. තවත් පිරිසක් දු දරුවන් රැකගැනිමට දුරු රට ගොසිනි.එදා තිබුණු සරුසාර ආර්ථිකය, වැඩ බිමක් වු ගම අද වල් බිහිව , පුරන්ව ගිය වගුරු වනාන්තරයකි. අවස්ථා ගණනකදි දේශපාලකයෝ පැමිණ පොරොන්දු දි ගියත් පන් ගසටත් පන්තොටටත් පණ ලැබුනේ නැත.
පසුගිය මහා මැතිවරණයට පෙර පන්තොට ගමට ගිය බොහෝ දේශපාලකයින් අතර රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවිර මහතාද එක් අයෙකි.අවස්ථා ගණනකදි පන්තොට ජනතාවගේ එදා තිබු ස්වයංපෝෂිත පන් ආර්ථිකයට පණ දෙන්නට උත්සාහ කළ ජයන්ත සමරවිර මහතා පසුගිය දා පන්තොට ගමට යළි පණ දෙන්නට මුල පිරුවේය.“ අප කවුරුත් නොදැනම අපේ ගමේ මිනිස්සු කාලාන්තරයක් තිස්සේ පවත්වාගන ආව පරිසර හිතකාමි කර්මාන්ත අභාවයට යැව්වා.
පන්සලේ බණ මඩුවේ වගේ වගක් නැතිව පන් පැදුර වෙනුවට ප්ලාස්ටික් පැදුර එළාගත්තා. නමුත් අපි ආයෙමත් පන්සලේ එළාගත්ත ප්ලාස්ටික් පැදුර වෙනුවට පන් පැදුර එළනවා. කුස්සියේ ප්ලාස්ටික් හැදි අලුව වෙනුවට පන් හැදි අලුව එලනවා.යයි පසුගිය (29) දා පන්තොට ගමේ ගැමියන් එකතුකර කීවේය.
වේවැල්, පිත්තල, මැටි,ලීබඩු සහ ග්‍රාමිය ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ අක්කර 100 ක පන් වගා කිරිමේ “ අපේ පන්තොට“ ව්‍යාපෘතිය ආරම්භකළ රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවිර, ප්‍රසන්නරණවිර ඇමතිවරුන් පන්තොට ගමේ තෝරාගත් පන් වගාකරුවන් 35 දෙනෙකුට පන් වගාව සදහා මුල්‍ය ආධාර බෙදාදි අළුතින් පන් වගා කිරිම ආරම්භ කරමින් පන්තොට ගමේ ජනතාව අමතා ජයන්ත සමරවිර මහතා පන්තොටට යළි පන් කර්මාන්තයගෙන ගමේ ආර්ථිකය ශක්තිමත් කරමින් පරිසර හිතකාමි කර්මාන්තයක් ලෙස දෙස් විදෙස් වෙළදපල පන්තොටට ළගා කරන්නට වේවැල්, පිත්තල, මැටි, ලිබඩු, සහ ග්‍රාමිය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර ඇමතිවරයා අවස්ථා කිපයක් පන්තොටට රැගෙනවිත් “ අපේ පන්තොට“ ව්‍යාපෘතිය ආරම්භකරනු ලැබිය.
පන් වගාවට අවශ්‍ය මුල්‍ය දායකත්වය,පන් මුල්, අවශ්‍ය ඉඩම් ආදි සියළු පහසුකම් ලබාදි පන්තොට පාරම්පරික පන් කර්මාන්තයෙන් දේශිය කර්මාන්තය ශක්තිමත් කරන බව මෙම උත්සව අවස්ථාවට එක්වු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවිර මහතා කීවේය. පන් කර්මාන්තයට අමතරව වැටකෙයියා, හණ, සහ වේවැල් වැනිහස්ත කර්මාන්ත ආශ්‍රිත වගාවන් සදහා මෙම වසර තුළ අක්කර 600 ක ව්‍යාපෘතියක් දියත් කර ඇති බවද කීවේය.
වළල්ලාවිට , ඉත්තෑපාන, පන්තොට ආරම්භ කළ “ අපේ පන්තොට“ ව්‍යාපෘතියේ ආරම්ක අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රි සංජිව එදිරිමාන්න, වේවැල්,පිත්තල, මැටි, ලි බඩු සහ ග්‍රාමිය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් එස්. බණ්ඩාරනායක, ජාතික ශිල්ප සභාවේ සභාපති ඇරැහැපොළ , වලල්ලාවිට ප්‍රාදේශිය සභාවේ සභාපති උදේනි අතුකෝරල මහතා ඇතුළු පිරිසක් සහභාගිවුහ.
එස් . පොද්දෙණිය – මීගහතැන්න