කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ ගවයින් අතර පැතිර යන රෝගී තත්ත්වයක් හේතුවෙන් ගවයින් 30 කට අධික සංඛ්‍යාවක් පසුගිය දින කිහිපයේ දී මියගොස් ඇති බව කිලිනොච්චියේ කිරිගොවියෝ පවසති.
පළමුවෙන් ගවයින්ගේ ශරීරය පුරා ගෙඩි දමන අතර පසුව ගෙඩි පුපුරා තුවාල ඇති වී ගවයින් රෝගාතුරුව මියයන බව ඔවුන් පවසති.කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ 300 කට වැඩි ගවයින් සංඛ්‍යාවකට රෝගය හටගෙන ඇති බැවින් එළදෙනුන්ගෙන් කිරි ලබා ගැනීමටද නොහැකි වී තිබේ.
ඔවුන් පවසන්නේ මේ වන විට මෙම රෝගය දිස්ත්‍රික්කය පුරා පැතිර යමින් පවතින බවය.කරච්චි, කල්මුඩ, පෙරියමඩු, රාමනාදපුරම් ආදි ගම්මාන රැසක ගව පට්ටිවල ගවයින්ට රෝගය වැළඳීම උත්සන්න වී ඇති බැවින් අදාළ ගම්මානවල එළකිරි ලබා ගැනීම තාවකාලිව නවතා දමා ඇති බව වාර්තා වේ.
ගවයින්ට හටගන්නා ගව වසූරිය රෝගී තත්ත්වයක් දිස්ත්‍රික්කයේ ක්‍රමයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බව දිස්ත්‍රික් පශූ වෛද්‍ය නිලධාරීන් පවසා තිබේ.ගොවින් පවස්නේ මෙම රෝගය සඳහා ගවයින්ට ලබාදෙන ඖෂධ පශූ වෛද්‍ය කාර්යාල තුළ ප්‍රමාණවත් ලෙස නොමැති බවය.