කොළඹ ගාලු මුවදොර පිටිය ආසන්න ප‍්‍රදේශයේ ජංගම දුරකතනවල අන්තර්ජාල වේගය ඉතා මන්දගාමී වී ඇත.

වාර්තාකරුවන් පවසන්නේ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට හා ෂංග‍්‍රිලා හෝටලය ඉදිරිපිට ප‍්‍රදේශයයට විශාල පිරිසක් එක් රැස්ව සිිටිනා බවය.

දිවයිනේ නොයෙකුත් ප්‍රදේශවලින් ගාලු මුවදොර පිටියට විරෝධතාකරුවන් එක්වී සිටින අතර ප්‍රදේශයේ ආරක්ෂාව සඳහා පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් යොදවා ඇති බවයි වාර්තා වන්නේ.

ජනාධිපතිවරයාට ධුරයෙන් ඉවත් වන ලෙසත් ආණ්ඩුව ඉල්ලා අස්වන ලෙසත් විරෝධතාකරුවන් ඉල්ලා සිටිති.

Similar Posts