ගෑස් සිලින්ඩර තුල සුක්ෂම ලෙස සඟවා ගොඩබිම වෙත ගෙන ඒ්මට උත්සහ කළ රුපියල් මිලියන 1758කට අධික වටිනාකමින් යුත් හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 219කට අධික තොගයක් නාවික හමුදා භාරයට ගෙන ඇත.
ඒ් නාවික හමුදාව විසින් වැලිගම, පොල්වතුමෝදර වෙරළ ආශ්රිත ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදීය. මුහුදු මාර්ගයෙන් මෙරටට ගෙන ඒමට උත්සාහ කළ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 219කට අධික තොගයක් සමඟ සැකකරුවන් 09 දෙනෙකු නාවික හමුදා භාරයට මෙහිදි ගෙන ඇත.
මෙම විශේෂ මෙහෙයුමේදී බහුදින ධීවර යාත්‍රාවක් මඟින් වැලිගම ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයට රැගෙන විත් පසුව ඩිංගි යාත්‍රාවක් යොදා ගනිමින් වැලිගම, පොල්වතුමෝදර ප්‍රදේශයෙන් ගොඩබිම වෙත ප්‍රවාහනය කර සැඟවීමට උත්සාහ කළ උර සහ ගෑස් සිලින්ඩර තුළ සූක්ෂම ලෙස අසුරා තිබූ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 219 ග්‍රෑම් 800ක පමණ තොගය මෙසේ අත්අඩංගුවට ගෙන තිබුණි.
මෙලෙස හෙරොයින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ බවට සැකපිට නාවික හමුදා භාරයට ගන්නා ලද බහුදින ධීවර යාත්‍රාව මාතර, කොට්ටේගොඩ ධීවර වරායෙන් පිටත්ව ගොස් ඇති අතර, ජාත්‍යන්තර මුහුදේදී විදේශීය ජාවාරම් කරුවන් මාර්ගයෙන් මෙම මත්ද්‍රව්‍ය තොගය බහුදින ධීවර යාත්‍රාව වෙත ලබා ගන්නට ඇතැයි සැක කෙරේ. එමෙන්ම නාවික හමුදා භාරයට ගන්නා ලද මෙම හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයේ මුලු වටිනාකම රුපියල් මිලියන 1758කට අධික වෙතැයි විශ්වාස කෙරේ.
මෙම මෙහෙයුම මගින් නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් වයස අවුරුදු 26 ත් 43 අතර වයසේ පසුවන වැලිගම, අහංගම, දික්වැල්ල, කොට්ටේගොඩ, ඉහළවත්ත, මිරිස්ස, පොල්වතුමෝදර සහ පිළියන්දල ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බවට හදුනාගෙන ඇති අතර, එම සැකකරුවන් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගය සම්බන්ධ වැඩිදුර විමර්ශන කටයුතු මේ වන විට නාවික හමුදාව සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය එක්ව සිදුකරමින් පවතී.
ශානිකා